සියලුම ක්ෂෙත්‍රයන්ට අයත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර/සමාගම් හා තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කැමති හා තමන්ගේ පවතින ව්‍යාපාරය නව ලෝකයේ තරඟකාරී හා අභියොගාත්මක පරිසරයන්ට සුදුසු පරිදි සකසා ගැනීම සඳහා අපි උපදේශන සේවා සපයන්නෙමු. ඔබ මෙන්ම ඔබගේ කාර්ය මණ්ඩලයට පවතින ව්‍යාපාරය කෙරෙහි වැඩිදුර අවධානය යොමු කිරීමට ද නව අවස්ථාවන්ට අනුගත වන පරිදි අවශ්‍ය වන්නා වූ වෙනස්කම් කිරීමට ද අපගේ උපදේශන සේවා මෙන්ම අවශ්‍ය පුහුණුව සහ මාර්ගෝපදේශනය ද ඔබට ලබා දෙන්නෙමු. උපායමාර්ග හා ව්‍යාපාර සැළසුම්කරණය, කාර්ය මණ්ඩළ පුහුණුව හා කාර්ය සැළසුම්කරණය, නිශ්පාදනය හා කාර්යක්‍රමය සංවර්ධනය, ප්‍රලේඛන කළමණාකරනය, පරිපාලනය හා මානව සම්පත්, ගිණුම්කරණය හා මූල්‍යය යන ව්‍යාපාරයේ අභ්වෘදිය උදෙසා ඔබට අවශ්‍ය ඕනෑම ක්ෂේත්‍රයකට අදාළව විසඳුම් සහ පිළිතුරු සපයන්නෙමු.

පුරා වසර දාහතක ඉතිහාසය තුළ අපි විවිධ වූ පුද්ගලයින්ට මෙන්ම ව්‍යාපාර වලට ද ඔවුන්ගේ අරමුණු හා පරමාර්ථ කරා පියනැඟීමට උර දුන්නෙමු. ප්‍රවීණතාවය මත සුදුදුසුකම් ලාභී හා අත්දැකීම් බහුල වූ අප සමාගම ඉතාමත් විශිෂ්ඨ වූ වෘත්තීමය සේවාවක් ඔබට සපයන බවට සහතික වන්නෙමු. වෘත්තීමය වශයෙන් තම සේවා දායකයින්ගේ ඕනෑකම් පිරිමැසීම වැනි නිහතමානි පියවරකින් ආරම්භය සනිටුහන් කළ අපි, රවින් ගුණවර්ධන විසින් අද වනවිට මෙලෙස සුදුසුකම් ලාභී විශිෂ්ඨ සමාගමක් ලෙස ඔබගේ සාර්ථකත්වය කරා යන ගමනට සහාය වීමට බැඳී සිටින්නෙමු. ඔබගේ ව්‍යාපාරයේ ද උපරිම විභවය කරා සංවර්ධනයට විශ්වාසයෙන් යුතුව පැමිණ, අප හා අත්වැල් බැඳගන්න.

අපගේ ව්‍යාපාරයෙහි වැදගත් අංගයක් වන්නේ ව්‍යපාර හිමිකරුවන්ට සහ කළමනාකරුවන්ට අවශ්‍ය හැසිරීම් රටාවන්, අචාරශීලීත්වය සහ සුදුසු විලාසිතාවන් පිලිබඳව පුහුණුව සැපයීමයි. අපගේ පුහුණුව අහාර ගන්නා රටාවන් මෙන්ම උත්සව අවස්ථා සංවිධානය දක්වා ද විහිදී යයි. මෙහි විශ්වාසී බව උපරිමයෙන් ආරක්ෂා කිරීම සඳහා එක් එක් පුද්ගලයා හට තනිවම උපකාරක පංති පවත්වමු. තනි පුද්ගලයන්ව මෙන්ම කණ්ඩායම් ද කාර්යාල අචාර විධි හා යහපත් හැසිරීම් රටා පිලිබඳව දැනුවත් කරන්නෙමු. උචිත ඇඳුමින් සැරසීම පිලිබඳව සහ අඳුම් කේතය පිළිබඳව අප විසින් මුද්‍රණය කර ඇති විශේෂ පොත ඔබට මිළදී ගැනීමට පහසුකම් සළසා ඇත.

තම ව්‍යාපාරය වර්ථමාන ලෝකයට උචිත ලෙස නවීන තාක්ෂණය ඔස්සේ උපරිම විභවය කරා ඔසවා තැබීමට අපගේ සේවා දායකයන්ව පුහුණු කරවන්නෙමු. අතීත නායකයින්ගේ නැණ නුවණින් යුතුව හඳුන්වා දුන් සදාකාලික වටිනාකමින් යුත්  අබිනව කළමනාකරණ සංකල්ප හා සමගාමීව අපගේ ක්‍රම සහ ක්‍රමෝපායයන් ඔබ වෙතට ගෙන එන්නෙමු.

අපගේ සේවාවන් ලබාගන්නා ඔබගේ විශ්වාසවන්තභාවය උපරිමයෙන් රැකීම සඳහා අපි ප්‍රතිඥා දෙන්නෙමු. නීතිමය අවශ්‍යතාවයකට හැරුණු කොට ඔබගේ ව්‍යාපාරික රහස් වෙනත් පාර්ශවයකට හෙළි කිරීමක් හෝ නීති රීති කඩ කිරීමක් නොවන බවට පොරොන්දු වන්නෙමු.    

රවීන් ගුණවර්ධන – LinkedIn ගිණුම බලන්න

අපගේ දැක්ම – අපගේ සේවා දායකයින් හට නව්‍ය සේවා සපයන්නෙකු මෙන්ම ඔවුන්ගේ නිශ්චිත ඉලක්ක හා අරමුණු කාර්යක්ෂමව හා සඵලදායී ලෙස සපුරා ලිය හැකි සේවා සපයන්නෙකු වෙමු.

අපගේ මෙහෙවර – අපගේ සේවදායකයින්ට ඔවුන්ගේ අයවැයට උචිත පරිදි අභිමතකරණය කළ විසඳුම් ලබා දීම.

අපගේ සේවාදායකයින් හට සේවය කිරීමට සහ සම්පත් ලබා ගැනීම සඳහා පුළුල් පරාසයක සුදුසුකම් ලත් පළපුරුදු වෘත්තිකයන් සිටීම.

අපගේ සේවාදායකයින්ට මිත්‍රශීලී පුද්ගලාරෝපිත සේවාවක් ලබා දීම.

අපගේ සේවාදායකයා සමාජීය හා දේශපාලනික වශයෙන් සදාචාරාත්මක ආකාරයකින් හා වගකීමෙන් යුතුව මෙහෙයවීම සහ ඔවුන්ට මඟ පෙන්වීම.

අප විසින් ගනු ලබන සියළුම උත්සාහයන්හි දී කාන්තාවන්ගේ හා දරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම.

අපගේ සියළු භාවිතයන්, අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක හවුල් ව්‍යාපාරයන් තුළ උපරිම අයුරින් සාධාරණය වීම.