වියාචනය

හෙළිදරව් කිරීම – නීත්‍යානුකූල අධිකරණයක් මඟින් නියෝගයක් කරනු ලැබුවහොත් හෝ රටේ ඕනෑම පනතක හෝ නීතියක නියම කරන්න ඇත්නම්, ඔබගේ සහ ඔබේ සංවිධානය හෝ සමාගම සහ වෙනත් සම්බන්ධිත පාර්ශවයක් පිළිබඳ තොරතුරු හෙළි කිරීමට හෝ අනාවරණය කිරීමට ඇන්තනි රවීන් ගුණවර්ධන සහ සහයකයින්ට බල කෙරෙනු ඇත. එවැනි අවස්ථාවන්හි තොරතුරු හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් අප,  ඇන්තනි රවීන් ගුනවර්ධන සහ සහායකයින් වගකිව යුතු නොවන අතර, ඕනෑම සහ සියලු උපක්‍රම හෝ නීතිමය කටයුතු වලින් අපි වන්දිපූරණය කරගනෙමු.

වගකීම – අපගේ උපදෙස් හා කවුන්සිලයේ සහ/ හෝ වෙනත් හේතුවක් නිසා අපගේ සේවාදායකයින් විසින් සිදු කරන ලද පැහැර හැරීම්, අලාභ හානි වලට අප ඇන්තනි රවීන් ගුනවර්ධන සහ සහායකයින් වග කිව යුතු නොවේ. අපගේ සේවාදායකයින් විසින් සිදු කරන ලද එවැනි සියලු පැහැර හැරීම් හා අලාභ හානි ඔවුන් විසින් දැරිය යුතු වන අතර, ඔවුන් විසින් ඇන්තනි රවීන් ගුනවර්ධන සහ සහායකයින්ට සියලු ආකාරයේ උපායයන් සහ/ හෝ නීතිමය ක්‍රියාමාර්ග වලින් වන්දි පූරණය කෙරෙනු ඇත.

ඔබේ සාර්ථකත්වය සහ ප්‍රගතිය, අපගේ උපදෙස්, ඔවදන් සහ යෝජනා සහ අවවාද ඔබ කොතරම් නිවැරදිව අනුගමනය කරනවා ද යන්න මත පදනම වේ. ලබා දී ඇති උපදෙස් ඔබ සහ ඔබේ සමාගම හෝ සංවිධනය විසින් අනුගමනය නොකරන්නේ නම් අප වගකිව යුතු නොවේ.

ගෙවීම්

රැඳවුම් ගාස්තුව – එකඟ වී ඇති රැඳවුම් ගාස්තුව මාසික ගාස්තුවක් වන අතර එය ගනුදෙනුකරුවන්ගෙන් අයකරනු ලබන අතර එය ආපසු නොගෙවිය හැකි ගාස්තුවකි. (රජයේ සියළුම අය කිරීමට සහ බදු අදාළ වේ). මෙම ගාස්තුව තනිකරම අපගේ සේවාවන් ලබා ගැනීම සඳහා සහ/හෝ ගිවිසුම්ගත දිනයේදී අපව සම්බන්ධ කර ගැනීම සඳහා හෝ එම කාල සීමාව සඳහා අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ දිනය/දින සඳහාය. සපයනු ලබන සේවාවන් සඳහා මාසික බිල්පතක් යවනු ලැබේ. ගිවිසුමේ ඇති මුළු කාලය තුළම මාසික ගාස්තුව ගෙවීමට සේවාදයකයා/සේවාදායකයන් බැඳී සිටී.

ගාස්තු – පැයේ පදනම මත සහ/ හෝ සේවාවන්හි වටිනාකම මත සාකච්ඡා කර සේවාදායකයාගෙන් බිල්පත් සඳහා ගාස්තු අය කෙරේ. ගිවිසුමේ යම් කාල සීමාවක් සඳහා පූර්ව සාකච්ඡා කර ඇති සහ ස්ථාවර කර ඇති රඳවා ගැනීමේ ගාස්තුව හැරුණු විට අනෙක් සියළුම ගාස්තු සේවාදායකයින් හට දැනුම් දී ඒ අනුව මිළ නියම කරනු ලැබේ. ව්‍යාපෘතියේ පිරිවැය සහ එකතු කළ ආන්තිකය මත පදනම්ව සමහර ගාස්තු ප්‍රතිශත පදනමක් මත අය කර ගත හැකිය.

ඉන්වොයිසි – සියළුම සේවාදායකයින් ඉන්වොයිස් කරනු ලබන අතර ඉන්වොයිසිය සේවාදායකයාය/ සේවාදායකයන්ට විද්‍යුත් තැපෑල හරහා තැපැල් කරනු ලැබේ. පාරිසරික ආරක්ෂාව ප්‍රවර්ධනය කරන හේතුවෙන් අපගේ ඉන්වොයිසි දෘඩ පිටපත් මත මුද්‍රණය නොකරන බව කරුණාවෙන් සළකන්න. (තුරුළතා සහ සොභාදහම සුරැකීම සඳහා අපගේ ලේඛන කිස්වක් මුද්‍රණය කිරීමට පෙර නැවත සිතන්න ).

ගිණුම් ප්‍රකාශය – ඔබේ පහසුව සඳහා ඉන්වොයිසිය සමඟ ගිණුම් ප්‍රකාශයක් ඔබට ලබා දෙනු ඇත. ඔබගේ ඉන්වොයිසිය සමඟ ඔබට එය නොලැබුණේ නම් කරුණාකර අපට මතක් කිරීමක් කරන්න.

බේරුම්කරණය – සියළුම ගාස්තු ඉන්වොයිසි නිකුතුවේ ඊළඟ මාසයේ පස්වන දින සේවාදායකයින් විසින් පියවිය යුතුය.

කුවිතාන්සි – ඔබේ ගෙවීම ලැබීමෙන් හා උපලබ්ධි වීමෙන් පසු විද්‍යුත් තැපෑලෙන් රිසිට්පතක් ඔබට නිකුත් කෙරේ. ඔබ විසින් අපට ගෙවිය යුතු ශේෂයක් තිබේ නම්, එය පියවීම සඳහා ඔබට ලිඛිතව ඉතිරිව ඇති මුදල අපි දන්වන්නෙමු. පාරිසරික ආරක්ෂාව ප්‍රවර්ධනය කරන හේතුවෙන් අපගේ ඉන්වොයිසි දෘඩ පිටපත් මත මුද්‍රණය නොකරන බව කරුණාවෙන් සළකන්න. (තුරුළතා සහ සොභාදහම සුරැකීම සඳහා අපගේ ලේඛන කිස්වක් මුද්‍රණය කිරීමට පෙර නැවත සිතන්න ).

ගාස්තු නොගෙවා සිටීම – අපගේ සේවාදායකයින්ට ඉන්වොයිස් කරන ලද ගාස්තු අර්ධ වශයෙන් ගෙවීම හෝ නොගෙවීම සඳහා අපි අපගේ සේවාවන් දීර්ඝ නොකරන බව කරුණාවෙන් සලකන්න. ඔබ විසින් අපට ගෙවිය යුතු හිඟ මුදල් සම්පූර්ණයෙන් පියවීමෙන් පසුව අපි අපගේ සේවාවන් නැවත ආරම්භ කරන්නෙමු.

නියමිත කටයුතු සඳහා වන ගිවිසුම් (engagement agreements) – ඔබේ සත්‍යාපනය හා පිළිගැනීම සඳහා මෙම ගිවිසුම් සාකච්ඡා කිරීමෙන් අනතුරුව අවසන් කර විද්‍යුත් තැපෑලෙන් යවනු ලැබේ. ඔබේ අනුමැතිය සහ පිළිගැනීම එම විත්‍යුත් ලිපියට අදාළව පිළිතුරු එවීමෙන් ලබා ගත හැකිය. මෙම ගිවිසුම් වලට විද්‍යුත් තැපෑලෙන් අමුණා ඇති PDF ලේඛන්ය ඔබට මුද්‍රණය කරන්න ගත හැකිය. (තුරුළතා සහ සොභාදහම සුරැකීම සඳහා අපගේ ලේඛන කිස්වක් මුද්‍රණය කිරීමට පෙර නැවත සිතන්න ).

මෙම ගිවිසුම් වල කොන්දේසි සහ නියමයන්, ගාස්තු, රාජකාරි සහ දෙපාර්ශවයේම වගකීම්, ආරම්භක සහ අවසන් කිරීමේ දිනයන් සහ දෙපාර්ශ්වයම ඇතුළත් කිරීමට අපේක්ෂා කරන තොරතුරු අඩංගු වේ. එවැනි සියළු ගිවිසුම් කෙටුම්පත් කිරීම සඳහා පිරිවැයක් තිබිය හැකි බව කරුණාවෙන් සළකන්න.

රැස්වීම් / සැසි – පූර්ව නියමිත සියළුම රැස්වීම් / සැසි සඳහා සේවාදායකයින් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන අතර, ඔවුන් නොපැමිණීම පිළිබඳව නිසි ලෙස දැනුම් දීමක් කර නැතිනම් එම සේවා දායකයින්ට ඉහත රැස්වීම් සහ සැසිවාර සඳහා පැමිණියේ නැතත් එම ගාස්තුවම අය කෙරෙනු ඇත. අපහසුතාවයන් අවම කිරීම සඳහා ගනුදෙනුකරුවන්ට කල්තියාම උපලේඛනවල වෙනස්කම් සාකච්ඡා කළ හැකිය.